අභ්‍රවප්‍රාප්ත වූ ‘පාලිත තෙවරප්පෙරුම’ හිටපු අමාත්‍යවරයා සිය ‘අවසන් කැමැත්ත’ ගැන කියමින් පළ කෙරූ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ දීම සමාජ මාධ්‍යයේ හුවමාරු වූවා ඔබට අමතක නැතුව ඇති.
‘හමාර බණවර’ ගීතයේ ‘පදරුත්’ කිහිපයක් වෙනස් කරමින් ඔහු සිය ‘අවසන් කැමැත්ත’ ගැන කියා තිබුණා. (ඒ සිය පොඩි පුතුට කරන ආයාචනයක් සහ ලොකු පුතු සොයා යන ගමනක් ලෙසිනුයි.)
කෙසේ වෙතත්, ‘හමාර බණවර’ ගීතයේ ‘හඬ හිමිකරු’ වන ජනප්‍රිය ගායන ශිල්පී ‘රවී රොයිස්ටර්’, හිටපු අමාත්‍යවරයාගේ කැමැත්ත පරිදි ‘පදරුත් වෙනස් කළ’ එම ගීතය නැවත වතාවක් ගායනා කරමින් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.
‘එතුමාගේ අවසන් කැමැත්ත’ ලෙස සඳහන් කරමින් ඔහු විසින් මුදා හළ එම ‘නව ගීතයට’ බොහෝ පිරිස් ස්තුති ප්‍රශංසා කොට ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.