මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති නම් තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.
ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු ලබාගැනීම වෙනුවෙන් අද දින (2024 ජනවාරි 26) හඳුන්වාදුන් 1927 දරණ ක්ෂණික දුරකථන අංකය මඟින්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හටද තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවේ.