යුත්තිය මෙහෙයුමට සමගාමීව දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් දිසානායක මහතාට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය දූනගහ මිල්ල ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී අයිස් ග්‍රෑම් 10 යි මිලිගෑම් 300 සමග සැකකරුවන් තිදෙනෙකු පොලිසියෙන් අල්ලයි.
මෙම සැකකරුවන් තිදෙනා කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇති බවත් ප්‍රදේශ කිහිපයකට ප්‍රවාහනය කර ඇති බවත් දිවුලපිටිය පොලිසිය පවසයි.
අයිස් ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා මිනුමන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024-02-06 දක්වා මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
(මිනුවන්ගොඩ – දමිත් තිසර)