Hot News
මත්පැන් ගේන්න ගිය පුද්ගලයන් දෙදෙනා ඩොවොන් ඇළේ සැඟවෙයි. අයෙකුගේ සිරුර හමුවෙයි. තවත් සිරුරක් අතුරුදහන්.

දිපවාලි උත්සවයට මත්පැන් රැගෙන ඒමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ඩොවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩොවොන් ඇළෙහි වැටි අතුරුදහන් වි ඇති බවත්, ඉන් එක් අයෙකුගේ සිරුරක් ඩොවොන් දිය ඇල්ලට පහලින් තිබි (12) දින පස්වරුවේ සොයාගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.
ඩොවොන් දිය ඇල්ලේ තිබි මෙසේ සොයගනු ලැබුවේ දිඹුල පතන පොලිස් වසමට අයත් ක්‍රේග්ලි වතුයායේ පදිංචි පලණියන්ඩි මොහන්රාජ් (42) හැවිරිදි පස්දරු පියෙකි.
අතුරුදහන් වි ඇති අනෙක් පුද්ගලයා එම වතුයායේම පදිංචි බාලමණික්‍යම් වේලුකුමාර් (51) යන අයයි.
දෙදෙනාම ඥාතින් වන බවත්, ඔවුන් දෙදෙනා (11) දින රාත්‍රි 6 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකට මත්පැන් රැගෙන ඒමට ගොස් ඇති බවත්, එසේ මත්පැන් රැගෙන ඒමට ගිය දෙදෙනා ආපසු නිවස කරා නොපැමිණි නිසා පවුලේ ඥාතින් ඒ පිලිබදව දිඹුල පතන පොලිසිය වෙත (12) දින පැමිණිලි කිරිමෙන් පසු පොලිස් නිලධාරින් ඩොවොන් ඇළ දිගේ සොදිසි මෙහෙයුමක් දියත් කර තිබියදි එක් අයෙකුගේ සිරුර ඩොවොන් දිය ඇල්ලට පහලින් කොත්මලාඔයේ තිබි හමු වු බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
මිය ගිය සහ අතුරුදහන් වි ඇති පුද්ගලයන් දෙදෙනා පදිංචිව සිටින වතුයායේ සිට මත්පැන් අලෙවිසැලට පැමිණිම සදහා ඩොවොන් ඇළ හරහා බැද ඇති කුඩා වේල්ලෙන් එගොඩ විමට උත්සහ කිරිමේදි ඇළෙහි සැඩ පහරට දෙදෙනාම ගසාගෙන යන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත්, අතුරුදහන් වි ඇති අනෙක් සිරුර සොයා තවදුරටත් සොදිසි මෙහෙයුම් සිදු කරන බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
(හැටන් රංජිත් රාජපක්ෂ)




Hot News
හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.
Hot News
Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු

පුද්ගලික ඔත්තුකරුවකගෙන් ලද තොරතුරක් අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක් හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට් ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත් විකිණීම සඳහා වෙනත් අයෙකුට මුදලට ලබා දෙන තෙක් මෙලෙස ගබඩා කර තිබූ බවටත් අනාවරණය චී ඇත.
සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Hot News
පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.
මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.
ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
(මොහොමඩ් ආසික්)
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්