මෝස්තර නිරූපණය පිළිබඳ පන්තියකට සහභාගී වූ 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් එම පංතියේ ගුරුවරයා අත්අඩංගුවට ගත් සිද්ධියක් මාවතගමින් වාර්තා වනවා.
මාවතගම නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන මෝස්තර නිරූපණ ශිල්පය විෂයය ඉගෙන ගැනීමට අදාළ තරුණිය ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම ඇතිවී තිබේ.
එහිදී අදාළ පන්තිය අවසන් වනවිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම තරුණිය ඇතුළු තවත් තරුණියන් තිදෙනෙකු කෙටි වෙලාවක් එහි නතරවී සිට ඇත.
පසුව මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන සැකකාර ගුරුවරයා අදාළ තරුණියන් සමග මත්පැන් පානය කර තිබෙන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙ පැවසුවා..
පසුව අනෙක් තරුණියන් තිදෙනා පිටව ගොස් ඇති අතර අදාළ තරුණිය අධික ලෙස මත්වීමෙන් එහි නතරවී ඇත.
පොලීසිය සඳහන් කළේ එහිදී අදාල තරුණිය අතවරයට ලක් කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන ගුරුවරයාව මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මාවතගම අරම්පොලවත්තේ පදිංචි 40 හැවිරිදි විවාහකයෙකි. අතවරයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.