දිපවාලි උත්සවය සදහා නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇදුම් පැළදුම් රැගෙන යාමට බගවන්තලාවේ සිට හැටන් දක්වා පැමිණි කාන්තාවකගේ සොරකම් කරන ලද මුදල් පසුම්බියක් ක්ෂණිකව සොයාදිමට (11) දින හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි ඇත.
හැටන් සිට බගවන්තලාව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයට නැග ඇති එම කාන්තාව එකවරම බස් රථය තුලදි මුදල් පසුම්බිය පරික්ෂා කර ඇති අතර , එහිදි මුදල් පසුම්බිය නොතිබුණු නිසා එම කාන්තාව හැටන් බස් නැවතුම්පොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ බස් රථය තුලදි කිසියම් පුද්ගලයෙකු තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිලධාරින් බස් රථයේ නැග සිටි සියළුම මගින් බස්සවා පරික්ෂා කිරිමේදි කාන්තාවගේ අස්ථානගත වු මුදල් පසුම්බිය එම කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබි පොලිස් නිලධාරින් විසින් රැගෙන එම කාන්තාවට භාර දි ඇත.
තම බිරිදගේ මුදල් පසුම්බිය සොරා ගැනිම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් සැමියාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මත්පැන් බෝතලයක් මිල දි ගැනිමට තමන් සතුව මුදල් නොමැති නිසා බස් රථය තුලදි බිරිදගේ මුදල් පසුම්බිය සොරකම් කල බවයි.
සැමියාට දැඩි ලෙස අවවාද කර පොලිස් නිලධාරින් ඔහුව මුදා හැර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)