

Hot News
Watch : මත්පැන් සාදයකින් අනතුරුව උඩුමහලට ගිය තරුණයා සැකකටයුතු ලෙස මිය යයි
බණ්ඩාරගම සමරනායක පාරේ නවාතැන්පොළක පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව සැකකටයුතු ලෙස
තරුණයෙකු මිය සිටියදී සොයාගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජාතික ජල ජලසම්පාදන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය සපයන ආයතනයක සේවය කරන අගලවත්ත සඳගිරි කන්ද ඕමත්ත පාර පදිංචිව සිටි රවීදු හසිත් ආරියවංශ 24 අවිවාහක තරුණයෙකි
මියගිය තරුණයා සහ එම ආයතනයේ සේවය කරන තවත් පුද්ගලයන් හතර දෙනෙකු නැවතීම සඳහා ලබා දී තිබූ නවාතැන් පොලේ රැඳී සිට ඇත්තේ දෙදෙනකු පමණයි ඔවුන් දෙදෙනා විසින් මත්පැන් බෝතලයක් ගෙන සවස පානය කර ඇතැයි පොලිසිය කියයි.
සවස හයට පමණ ලද දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම සඳහා මියගිය අය උඩුමහලට ගොස් ඇත.අනෙක් පුද්ගලයා පහළ මහලේ නින්ද ගොස් තිබී ඇතැයි පොලිසිය පවසයි.
අලූයම එකට පමණ ඔහුට අවදි වී මෙන් අනතුරුව උඩුමහලේ විදුලි බල්බය දල්වා තිබීම සොයා බැලීමට සඳහා ගිය අවස්ථාවේදී තම මිතුරා මුනින් අතට වැටී සිටින අයුරු දැක විමසිලිමත් වීමේ දී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරුත් මුත්‍රා පහව තිබෙන අයුරුත් දැක දුරකථනයෙන් අසල්වාසී නිවසට ඒ බව පවසා තිබූ බව පොලිසිය පවසයි.
ඔවුන් විසින්1990 සුවසැරිය ගිලන් රථ සේවාව වෙත දැනුම් දීමෙන් අනතුරුව එහි සෞඛ්‍යය කාර්ය මණ්ඩල නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් ඇති බවට දැනුම් දී ඇත
මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂන මෙහෙයවයි.
(ගල්පාත චන්දන පෙරේරා)
Hot News
Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

අද පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ප්‍රකාශ ලබාදීම සඳහා හෙට දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබේ.
බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිටියේය.
Hot News
Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

දින තුනකට පෙර අතුරුදන්ව සිටී 24 හැව්රිදි තරුණියගේ මළසිරුර ඇය දියේ ගිළී අතුරුදහන් බවට සැක කෙරුණු වැලිපැන්න ඇලේ මීගම තොටුපල ආසන්නයේ කිලෝමීටර් 5 ක් පමණ ඈතින් පිහිටී ඇල ඉවුරක තිබී අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැව්රිදි තරුණියකගේ මළසිරුර මෙසේ හමුව ඇති බවත් ඇයගේ ඥාතියෙකු විසින් මළසිරුර හදුනාගෙන ඇති බවත් පොලිසිය කීය.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි තරුණියගේ පියා දින දෙකකට පෙර කල පැමිණිල්ලක් මත දැරිය සොයා පොලිසිය පරීක්ෂණ කල බවත් ඒ සදහා මාකෝ පොලිස් නිළ සුනඛයාගේ සහයද ලබාගෙන තිබුණි.
තරුණිය දින 27 දා රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
අතුරුදන්ව තරුණිය පැළද සිටී සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදුකර තිබේ.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකල අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න- කළුතර)
Hot News
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

ඊයේ දිනය පුරා බණ්ඩාරගම ,පානදුර, කළුතර ප්‍රදේශවල තියුණු ආයුධ පෙන්වා මංකොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් දෙදෙනා මොරොන්තුඩුව ප්‍රදේශයේ දී මොරොන්තුඩුව ගෝනදූව ඉන්ධන පිරවුම්හලට තියුණු ආයුධ දෙකක් ද රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි තිබෙනවා.
එම අවස්ථාවේ ඉන්ධනහලේ පොම්පකරු තියුණු ආයුධ දැක ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කොට දිවගොස් ඇති අතර ඉන් පසුව එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා බලහත්කාරයෙන් ඉන්ධන පොම්පය ක්‍රියාත්මක කර ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යාර්ථ වූ පසු ඔවුන් දෙදෙනා ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධ දෙක විසිකර දමා නැවතත් ඉන්ධන ලබා දෙන ලෙස ඉන්ධන පොම්පකරුගෙන් ඉල්ලා සිටි අතර ඉන් පසුව ඉන්ධන පොම්පකරු පැමිණ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සිදු කරන ලද අතර ඔවුන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 2000 ක මුදලක් ද පොම්පකරු ට ලබා දී ඇත.
මෙම යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ වූවන් බවට හඳුනාගෙන ඇති අතර මේ වෙන විට ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ.
(සම්පත් කුලරත්න – කළුතර)
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි