කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
තමන්ට වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති නිසා ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම ලබාදෙන බවයි කතානායකවරයා පාර්ලිමේන්තු කාරක සභාවකදී පවසා ඇත්තේ.
මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සනින් වාහන බලපත්‍ර ඉල්ලමින් පසුගියදා කථානායකවරයාට ලිපියක් බාරදී තිබේ.
ff