ආර්ථික ගැටලු නිසා සුඛෝභෝගී වාහන නඩත්තු කිරීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය ගමන් බිමන් සඳහා අඩු වියදම් සහිත කුඩා වාහන මිලදී ගෙන ඇති බව වාර්තාවේ.
මෙම මන්ත්රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම මෙන්ම විවිධ උත්සව සඳහා පැමිණීමද සීමා කර ඇත්තේ අධික ඉන්ධන වියදම හේතුවෙන් බවත් තවත් මන්ත්රීවරුන් කිහිප දෙනෙකු බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්රවාහන සේවාවන් භාවිතා කිරීමට පුරුදු වී ඇති බවත් සදහන්ය.