මස්කෙලිය පොලිස් වසමට අයත් ග්ලැන්ටින් වත්ත මස්කෙලිය කොටසේ තේ වත්තේ අටවා තිබු මන්දකට හසු වි සිටි හොදින් වැඩුණු කදුකර කොටියෙකු නිර්වින්දනය කර මුදා ගැනිමට නල්ලතන්නිය වනජිවි නිලධාරින් (17) දින සමත්විය.

ග්ලැන්ටින් වත්ත මස්කෙලිය කොටසේ තේ වත්තේ කදුකර කොටියෙකු මන්දකට හසු වි ඇති බවට එම වතු යායේ වතු කම්කරුවන් විසින් වතු පාලන අධිකාරිය හරහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් අනතුරුව කදුකර කොටියා මන්දෙන් මුදා ගැනිම සදහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට කැදවා කම්බියෙන් සකස් කරන ලද මන්දට හසු වි සිටි කදුකර කොටියා  නිර්වින්දනය කර ඉන් මුදා ගැනිමට පියවර ගැණින.

කම්බි මන්දට හසු විමෙන් කදුකර කොටියාගේ උදරය ප්‍රදේශය තුවාල ලැබිම හේතුවෙන් කදුකර කොටියාට ප්‍රතිකාර ලබාදිම සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදි සුදුසු පරිසරයකට කදුකර කොටියා මුදා හරින බව පශු වෛද්‍යවරයා පැවසිය.

මස්කෙලිය ග්ලැන්ටින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට කදුකර කොටියන් ගොදුරු සොයා නිරන්තරයෙන් සැරිසරන බවත්, තමන් සුරතලේට ඇති කරන සුනඛයින් අතුරුදහන් වන බවයි එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් කියා සිටින්නේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

                     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here