යාපනය,මන්නාරම ප්‍රධාන මාර්ගයේ පල්ලමඩු ප්‍රදේශයේ ඊයේ(19) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව අඩම්පන් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කුඩා බස් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර,අනතුරින් අදාළ ස්ථානයේදීම පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර වෙනුවෙන් මන්නාරම රෝහල වෙත යොමුකළ බවද පොලිසිය සඳහන් කළහ.

මන්නාරම,කෝවිල්කුලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, 45 හැවිරිදි පුද්ගලයෙකු අනතුරින් බරපතල තුවාල ලබා මන්නාරම රෝහල වෙත යොමුකොට ඇති බවද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here