ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු අද (7) උදෑසන දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා විශේෂ ආරක්ෂාවක් යටතේ බස්නාහිර දකුණ පොලිස් කොට්ඨාසය වෙත රැගෙන යාමට නියමිතයි.

මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගියා.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීයි.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here