තමන් රාජපක්ෂලාගේ අගුපිල්වල රිංගූ මිනිහෙකු නොවන බව දිලිත් ජයවීර පවසයි.
තමා රාජපක්ෂවරුන්ගෙන් සත පහක උදව්වක් ලබාගත් පුද්ගලයෙකු නොවන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.
අසීරුවෙන් රැකගත් තම සමාජ ප්රාග්ධනය සහ ව්‍යාපාරවල කීර්ති නාමය අද වන විට අභියෝගයට ලක් වී ඇති බවත්, තමා ඍජුව දේශපාලනයට ඒමට තීරණය කළේ එබැවින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රාජපක්ෂ කදවුර දූෂිත බව තමන් මුල සිටම දැන සිටියේ යැයි පවසන දිලිත් ජයවීර, ඒ මොහොතේ රාජපක්ලා වෙනුවට වෙනත් විකල්පයක් නොතිබුණු බවද පවසයි.
තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට කැපවුනේ ඒ නිසා යැයි ඔහු වැඩිදුරටත් පවසයි.