ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 21 වනදා ජයග්‍රහණය කළ පසු අංගසම්පූර්ණ නිවාස යෝජනාක්‍රම කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි මුලතිව් ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් කර්මාන්ත ශාලා 6 ක් නිනිර්මාණය කර, සෘජු විදේශ ආයෝජන මුලතිව් ප්‍රදේශයට ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here