මත්කුඩු සම්බන්ධ නඩුවකට දඩුවම් නියමව කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවාසිටී සිරකරුවෙකු අද පස්වරුවේ බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ පලාගොස් ඇත්තේ හොරණ ඉංගිරිය ප්රදේශයේ පදිංචි සිරකරුවෙකු බව සදහන් වේ.
කළුතර බන්ධනාගාරය තුල නිළ නිවසක පිරිසිදු කිරීම් සදහා යොදා සිටියදී ඔහු පලාගොස් ඇති බව පැවසේ.
බන්ධනාගාරයට පිටුපස මල්වත්ත ප්රදේශයේ කැලෑවට ඇතුළුව පලාගොස් ඇති බවට සැකකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
පලාගොස් ඇති සිරකරු සොයා කළුතර උතුර පොලිස් ස්ථානාධිපති දම්ත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව වාර්තාවේ.
බන්ධනාගාර නිළධාරින් කණ්ඩායමක්ද සිරකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද බන්ධනාගාරය ආරංචි මාර්ග සදහන් කරයි.
(සම්පත් කුලරත්න – කළුතර)