මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ඊයේ (11) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
පසුගිය සෙනසුරාදා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් සැකකරු විසින් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උඳුරා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියාට වෙඩි වැදී තිබෙනවා.
අනතුරුව සැකකරු රාජකාරී ගිනිඅවියද රැගෙන පළා ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
එහිදී මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.