ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණු මලාවි උප ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු ඉකුත්දා සිදුකෙරුණා.

ඒ මහතාගේ දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරන අවස්ථාවේදී පෙරහරේ ගමන්ගත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මග දෙපස සිටි ජනතාව අතරට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ මෝටර් රථයට යට වීමෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

මලාවි රාජ්‍යයේ වැසියන් උප ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ පසුපසින් ධාවනය වෙමින් තිබුණු එක් මෝටර් රථයක් පිරිස අතරට කඩා වැදුණු බව මලාවි මාධ්‍ය වාර්තා කරනවා.

51 හැවිරිදි උප ජනාධිපති සවුලෝස් චිලීමා අභාවප්‍රාන්ත වුණේ පසුගිය 11 වැනිදායි.

ඒ අයහපත් කාලගුණය හේතුවෙන් ඔහු ගමන් කරමින් සිටි හමුදා යානය කඩා වැටීමෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here