මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ව සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුකු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ව අද (31) දිනයේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ බවයි.
පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් , මැතිවරණ කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වන සියලුම පොලිස් නිලධාරීන් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බවද ආර්. එම්. ඒ. එල්. රත්නායක තවදුරටත් සඳහන් කළා.