

Hot News
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක්
Hot News
දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

දිවුලපිටිය පොලිස් ස්ථානය දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් මහතාට ලැබුණු තොරතුරක් මත නීතිවිරෝධී දුම්වැටි 600 ක් ප්‍රවාන කර පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරිම සඳහා රැගෙන ගිය බව පොලිසියට පවසා ඇත.
මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කර ඇති බවත් සහ මෙම සැකකරු දිවුලපිටිය බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
මෙම සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)
Hot News
රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්නයි

දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇති බවත්, තවත් රෝහල් 100 ක් පමණ වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවත් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
අදාළ රෝහල් වලට කඩිනමින් වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කර රෝගී ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක රැසක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් මෙසේ වැසී යාමට ආසන්නව පවතින බවයි. වෛද්‍යවරුන් විදේශගත වීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැරයාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ගතවූ මාස 10 තුළ, විශේෂඥ වෛද්‍යවරුන් 300 ක් හා සාමාන්‍ය වෛද්‍යවරුන් 1000 ක් රට හැරගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාශය වැඩිදුරටත් පවසනවා.
Hot News
ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් (Gary Mehigan) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සත්දින වැඩමුළු කීපයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳහා වූ තරගාවලියක් වන Master Chef Australia තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?