(කමල් සුරවීර-මහනුවර)
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු මරණයට පත්ව තිබේ.
මේ මස 24 දින පස්වරු 05 ට පමණ ක්ම මෙම අනතුර සිදුව ඇති අතර පස් ගොඩට යටව සිටි පුද්ගලයා ඉන් ඉවතට ගෙන ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අවස්ථාවේදී ඔහු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දිගන රජවැල්ලේ පදිංචිව සිටි ඊ.එම්.පී.ඩබ්ලිව් ඒකනායක නැමැති 49 හැවිරිදි වෘත්තියෙන් පෙදරේරුවෙක් බව සඳහන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.