මහනුවර කුරුණෑගල මාර්ගයේ ගලගෙදර 10 කණුව ප්‍රදේශායේ දී විශාල ගල් සහිත පස් කන්දක් ප්‍රධාන මාර්ගයට අද රාත්‍රියේ කඩා වැටීම නිසා මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගය වන මෙම මාර්ගයේ ගමනාගමනය දැඩි අවදානම් වුවත් එක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනයට විවෘත කර ඇති බවත් ඉතා අවධානයෙන් වාහන ධාවනය කරන ලෙසත් පොලීසය මෙම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(මොහොමඩ් ආසික්)