මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙලට මන්නා පිහි තබා බිය වද්දා ලක්ශ 15 කර අධික ගෙල බැදි රන් මාල කොල්ලකන අපරාධ කල්ලියක් අත්තනගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඌරාපොල පල්කුඹුර ප්රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කාන්තාවකගේ ගෙලට මන්නා පිහියක් තබා ගෙල බැදි රන් මාලය මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධව අත්තනගල්ල පොලීසියට සිදු කල පැමිණිල්ලකට අනුව සිදු කල විමර්ශනයකින් පසුව පොලීසිය විසින් මෙම සැක කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකටයුතු යතුරු පැදියක් අත්තනගල්ල අවට සැරිසරන බවට ලද තොරතුරකට අනුව නිට්ටඹුව වෙලගෙදර ප්රදේශයේදී යතුරු පැදිය ලුහු බැද ගොස් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් ලග තිබූ මන්නා පිහියක් පොලීසියට හමු වී ඇත.
අත් අඩංගුවට ගත් සැක කරුවන්ගෙන් සිදු කරන ලද දීර්ඝ ප්රශ්න කිරීම් වලින් පසුව විශාල අපරාධ ගණනාවක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම් වලදී රුවන්වැල්ල පොලීස් වසමේ රන් මාල 4 ක් , හොරන ප්රදේශයේ රන් මාල 1 ,මොරගහහේන රන් මාල 2 ක්, අත්තනගල්ල පොලීස් වසමේ රන්මාල 3 ක්, මීරිගම පොලීස් වසමේ රන් මාල 1 ක් ,දංඕවිට පොලීස් වසමේ රන් මාල 1 ක්, දංඕවිට පොලීසියේ කාන්තා පොලීස් නිළධාරිනියකගේ ජංගම දුර කතනයක්, අවිස්සාවේල්ල ,පූගොඩ,කඩවත ප්රදේශ වලින් යතුරු පැදි හොරකම් 3 , කිරි ඇල්ල පොලිස් වසමේ ගෙවල් දෙකක් කඩා භාණ්ඩ සොරා ගැනීම ආදී වශයෙන් සොරකම් කර ඇති බව අනාවරණය වී ඇත.
මංකොල්ලකන ලද රන් මාල කොළඹ හෙට්ටිවීදිය ප්රදේශයට අලෙවි කර ඇති බවත් මෙම රන් මාල උණු කර තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මොවුන් මංකොල්ල කන රන් මාල මිලදී ගත් සහ ලග තබා ගත් පුද්ගලයින් 6 දෙනෙක් ද පොලීස් අත්අඩංගුවට පත්ව ඇත.
මොවුන් දොම්පේ,පූගොඩ,හංවැල්ල ආදි ප්රදේශවල පදිංචිකරුවන් වේ.
ගම්පහ මහ අධිකරණයේ කාන්තා ඝාතනයක් සහ බෝම්බ පිළිබද නඩුවක් විභාග වෙමින් පවතින බව පොලීසිය විසින් අණාවරනය කර ගෙන ඇති අතර ගම්පහ මහ අධිකරණයෙන් වරෙන්තුවක්ද ඔවුන්ට නිකුත් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හංවැල්ල තුන් තාන ප්රදේශයේ පදිංචි කරුවන් බවත් , වයස අවුරුදු 32,31 වයස් වල පසුවන අයවලුන් බවත් ඔවුන් තදින් හෙරෝයින් පානයට ඇබ්බැහි වී ඇති බව පොලීසිය පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)