

Politics
මාගේ ඉදිරි දේශපාලන ගමන යන්නෙත් රාජපක්ෂවරුන් සමඟයි – දිලුම්
තමාගේ ඉදිරි දේශපාලන ගමන යන්නෙද රාජපක්ෂවරුන් සමග බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
මහනුවරදී 17 දින මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ පහුගිය සමයේ රාජපක්ෂලා නොව වෙනත් අයකු හෝ මේ රට පාලනය කළේ නම් ආර්ථිකය කඩා වැටීම පිළිබඳ චෝදනාව ඔවුනටද එල්ලවීම අනිවාර්යෙන්ම සිදුවන බවය.
ඉකුත් කාල වකවානුවේ රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එකදු හෝ වංචාවක් දූෂණයක් සිදුකර නොමැති බවත් කොරෝනා ඇතුළු ආර්ථික කඩා වැටීම මෙම තත්ත්වයට සෘජුවම බලපෑ බවත් හෙතෙම කීය.
ජනාධිපතිවරයාගේ අයවැය සම්බන්ධයෙන් විවේචන ඇතත් රට වැටී තිබූ තත්ත්වය අනුව මේ ආකාරයෙන් හෝ අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව සියලු දෙනා එතුමාට කෘතඥතාවය පළ කළ යුතු බවද ඇමැතිවරයා පැවැසීය.
අධික බදු හා විදුලි ගාස්තු හේතුවෙන් ආයෝජකයන් කලකිරීමට පත්වීමට ඉඩ ඇති බවත් ඔවුන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිතුමන් සමගින් විශේෂයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
(කේ.එල්. සුරවීර මහනුවර)
(කේ.එල්. සුරවීර මහනුවර)
Politics
ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.
Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News2 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News4 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?