මාතර – රත්නපුර මාර්ගයේ (A17) 85 සැතපුම් කණුව අසල ‘අනිල් කන්ද’ නම් ස්ථානයේ නායයෑමක් සිදුවී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇති අතර, අදාළ මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි දන්වා සිටින්නේ.ඒ අනුව, විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සූරියකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බවද වැඩිදුරටත් දැක්වෙනවා.