යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (15 ) රාත්‍රි සිදුකළ වෙලිතැබීමකින් වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලවිසලක ව්‍යාපාරිකයෙකු සහ සහායකයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිගම පොලිසිය පවසයි.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මමාස් ෆිෂ් පොයින්ට් නැමැති මාළු අලෙවි සැලක රාත්‍රි 9:15 පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

එම වෙඩි තැබීමෙන් එම ස්ථානයේ මාළු ව්‍යාපාරික වයස 40 වන එන්.ආර් චමින්ද නුවන් කුමාර සහ සහායෙකු වන වයස (52 ) මහින්ද ගුණතිලක තුවාල ලබා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම වෙඩි තැබීමෙන් චමින්ද කුමාර යන අයගේ පපුවෙි දකුණ පසට වෙඩි උන්ඩ 02 ක් වැදි ඇති අතර මහින්ද නැමැති පුද්ගලයාගේ වමි උරහිස ප්‍රදේශයට වෙඩි වැදි තිබූ බව සදහන් කෙසේ වෙතත් .මොවුන්ගේ තත්වය බරපතල නොවන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාළු මිලට ගැනීමට පැමිණි බවට අඟවමින් මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගොස් තිබේ .

මත්ද්‍රව්‍ය හා පාතාල කල්ලි සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණගේ ප්‍රසාද් මධුශංක නොහොත් මිදිගම චුටි යන අයගේ ගෝලයන්ට මාලු ලැල්ලේ අයිතිකරු වන චමින්ද නුවන් කුමාර යන අය විසින් නිතර හිරිහැර කිරිම හේතුවෙන් ඵයට පලිගැනිමක් ලෙස මෙම වෙඩිතැබිම සිදුකල බවට විය හැකි බව තොරතුරු අනාවරණය වි ඇතැයි සදහන්.

කෙසේ නමුත් මෙම වෙඩි තැබීමට පැමිණි බවට සැක කරන යතුරුපැදිය සහ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here