දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක මාසෙ වැටුප ඉල්ලන්න ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය පහර දුන් බව පහර කෑ කාන්තාව පවසයි.
ඉන් පසු දිවුලපිටිය පොලිස් ස්ථානයට ගොස් ළමා කාන්තා කාර්ය අංශය පැමිණිල්ලක් දමා ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි.
දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාර ආයතනයේ සේවක සේවිකාවන්ට මාසයේ වැටුප නිසි ලෙස නොලැබීම නිසා සේවකයෝ දිවුලපිටිය පොලිස් ස්ථානයේ පැමිණිලි රැසක් දමා ඇති බව අප කළ විමසීමකදී දිවුලපිටි පොලිසිය පවසයි.
පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණිය මහතා වැඩිදුර විමර්ශන පවත්වයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)