සංවිධානාත්මක අපරාධකරුවකු වන මැගියා නොහෙත් දිප්පිටිගොඩ ළහිරුගේ ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත් බව කියයි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.11.08 වන දින මීගමුව පොලිස් වසමේ ගණේමුල්ල අන්නාසිවත්ත මාර්ගයේ වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 08 ක් සන්තකයේ තබාගෙන සිටි ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ත් 36ත් අතර පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගණේමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සංජිව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමිපතමයෙකු වන වර්තමානයේ ඩුබායි රාජ්‍ය රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මැගියා නොහොත් දිප්පිටිගොඩ ළහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම  වැටලීමක සිදුකර ඇත.

(අම්බලන්ගොඩ – අනුරාධ ප්‍රියදර්ශන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here