වග වත්ත,පෝරුවදණ්ඩ, ගනේතැන්න කළුගඟේ සොලි රාජ වක්කලම නැමැති ස්ථානයේ මැණික් තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා දිය යට කිමිදෙමින් සිටි පුද්ගලයකු දිය යටදි හදිසියේ මියගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ මාපුටුගල ගර්ටන් වත්ත පදිංචිව (42) ප්රදීප් ඉන්දික නැමැති විවාහක පුද්ගලයෙකි.
තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග බෝට්ටුවක මියගිය පුද්ගලයා නැගී කළු ගගේ මැණික් ගැරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂාකර බැලීම සඳහා ගිය අවස්ථාවේදී මෙම අනතුර වී ඇතැයි පොලිස් පරීක්ෂන වලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා වතුරට පැන කිමිදී ඇති අතර විනාඩි කිහිපයක් ගත වුවත් නැවත උඩට නොපැමිණි හේතුවෙන් බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයෙකු දියට පැන කිමිදී ඇති අතර මිය ගිය පුද්ගලයා රිටක් අල්ලාගෙන සිටින අයුරු දැක ඔහුව වහා බෝට්ටුව වෙත රැගෙන විත් ප්රථමාධාර ලබාදී හොරණ මූලික රෝහල වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබූ අතර ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26)හොරණ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත අතර
හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(ගල්පාත – චන්දන පෙරේරා)