වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් මයිලන්කුලම මංසන්ධියේ පොදු බස් නැවතුමක ප්‍රදර්ශණය කර තිබූ සමගි ජනබල වේගයට අයත් අයත් පෝස්ටරයක් ජාතික ජනබල වේගයේ ප්‍රබල පාක්ෂිකයක විසින් (04) වන දින ඉරා විනාශ කිරීමත් සමග ඇතිවූ ගැටුම දිගදුර යාමෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරයි.
මෙසේ ගැටුමකින් තුවාල ලබා ඇත්තේ සමගිපුර ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (50) හැවිරිදි වියේ අයකු සහ හලාවත ප්‍රදේශයේ සිට මෙහි තාවකාලික පදිංචියට පැමිණ සිටින වයස අවුරුදු (48) හැවිරිදි අයකු බව කියයි.
සමගිජන බල වේගයේ පාක්ෂිකයකු විසින් (04) වන දින එම පක්ෂයට අයත් පෝස්ටර් කිහිපයක් අලවමින් ගොස් ඇති අතර, ඒ දෙසට පැමිණි ජාතික ජනබල වේගයේ ප්‍රබල පාක්ෂිකයකු වන අයකු ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරිමින් එම පෝසටර් ඉරා දමා පරුෂ වචනයෙන් බැණ ගොස් ඇති බවත්, පසුව සමගි ජන බල වේගයේ පිරිස නැවත පැමිණෙන විට එම පෝස්ටර් ඉරා දමා ඇති අයුරු දැක අසල ත්‍රිරෝද රථ රියදුරකුගෙන් විමසීමක් කිරීමේදී පෝස්ටරය ඉරා දමා ඇති තැනැත්තා පිළිබදව ඔහු පැවසීමත් සමග මෙම පිරිස ජාතික ජන බල වේගයේ පාක්ෂිකයාගේ නිවසට පැමිණ ගැටුමක් සිදු කර ඇති බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරන්නේ.
සමගි ජන බල වේගයේ පාක්ෂිකයා විසින් පෝස්ටර් ඉරා දැමු බව කියන ජාතික ජන බල වේගයේ පාක්ෂියාගේ නිවසට මන්නා පිහියක් රැගෙන ගොස් බැණ තර්ජනය කර ඇති අතර, පසුව උරණවූ පෝස්ටරය ඉරා දැමූ තැනැත්තා විසින් එකවරම අසල තිබූ පොල්ලකින් පහර කිහිපයක් එල්ල කර අනතුරුව බයිසිකල් දම්වැළකින්ද පහරදුන් බව කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සමගි ජනබල වේගයේ පාක්ෂිකයා සහ ජාතික ජන බල වේගයේ පාක්ෂිකයාද වනාතවිල්ලුව පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කර ඇති බව කියයි.
පසුව පොලිසිය විසින් දෙදෙනාටම අධිකරණ වෛද්‍ය පරික්ෂණ පෝරම නිකුත් කර රෝහල් ගත වන ලෙස උපදෙස් දී ඇති බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ තවද පුත්තලම වනාතවිල්ලුවෙන් මැතිවරණ උණුසුම ආරම්භ වීමටත් මත්තෙන් වාර්තාවූ පළමු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාව බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරන්නේ.
මීට පෙරද අවස්ථා ගණනාවකදී පක්ෂ කිහිපයක පාක්ෂිකයින් විසින් තැනින් තැන පෝස්ටර් ඇලවීම සිදුකර තිබුණද ඒවාට කිසිදු හානියක් නොකර සමගි ජන බල වේගයේ පෝසර් පමණක් මෙලෙස විනාශ කිරීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමුදු සේනානයක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂඛ සේනක බණ්ඩාර ඇතුළු නිළධාරින් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.
(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)