Politics

මැතිවරණ වසරේ බාර් පර්මිට්වලට ඇමතිවරු බිලී බා ගන්න හදනවා. මෙය වහා නතර කළ යුතුයි – සජිත්

පාසල තුළින් අධ්‍යාපනය පමණක් නොව යුක්තිගරුක නීතිගරුක පුරවැසියකු බිහි කළ යුතු බවත් සමගි ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ අමද්‍යප ගුණාංග උගන්වන බවත් දුම්වැටි මත්පැන් භාවිත නොකළ යුත්තේ ඇයි කියන දේ ශක්තිමත්ව උගන්වන බවත් එය රෝහල් තුළ පවා මේ මත්පැන් මත්කුඩු දුම්වැටි නිසා සිදුවන හානිය පිංතුර මගින් පෙන්වා දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 මැතිවරණ වසරක් නිසා බාර් ලයිසන් සූදුවක් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරුන් බාගෙන ඔවුන්ට වරදාන වරප්‍රසාද ලෙස බාර් පර්මිට් බියර් පර්මිට් ලබා දී ජනාධිපති අගමැති ඇමතිකම් ලබා ගැනීමට කටයුතු කරණ බවත් මෙයට විරුද්ධ විය යුතු බවත් බංකොලොත් රටේ බියර් පර්මිට් වයින් ස්ටෝර්ස් බලපත්‍ර ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කරණ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒවා අහෝසි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් අද ගම්පහ මීගමුව මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයට රුපියල් 2,478,000 වටිනා Bubble CPAP Machine එකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version