Hot News

මිදුල වටේ යාළුවත් එක්ක මැරතන් දුවපු තරිඳු අවසන් ගමන් යයි

මිදුල වටේ යහලුවෙකු සමඟ එක්ව දුර දිවිමට එක් වූ අවුරුදු 17ක් වයසැති පිරිමි දරුවෙක් දුවන අතරවාරයේම ඇද වැටී පසුගිය (04) වැනිදා මිය ගොස් තිබෙනවා.

පොල්පිතිගම පොලිස් වසමේ තලාකොළවැව, රැකෑවුළ ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ රස්මික තරිදු නමැති සිසුවෙක්.

මොහු පසුගිය 4වන දින තවත් මිතුරෙකු සමග එක්ව මිදුල වටේ මැරතන් දිවිමේ තරගයකට එක්ව තිබෙනවා.

ඒ අවස්ථාවේදි තම පියාට කතා කොට කිලෝ මීටර් ගණනාවක් දිව්වා වාගේ මහන්සියක් දැනෙනා බවට පපුව අල්ලා ගෙන බිම වාඩි වී ඇති බවත්, ඒ සැනින් මරණයට පත්ව ඇති බවත් කල විමර්ශණවලදි අනාවරණය වු බව පොලීසිය පවසයි.

සිද්ධිය පිළිබදව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදි මරණයට හේතුව හෘදයාබාධයක් බවට කරුණු හෙලි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version