මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසේ සිටි පුද්ගලයින් තිදෙනකු වෙඩි තබා ඝාතනය කල පුද්ගලයකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මොහු මිනුවන්ගොඩ පොලිස් වසමේ බොරාගොඩවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නෙකු ද වේ.
2023-11-26 දින සීදූව පොලිස් වසමේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනකු විසින් ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමට 2023-01-09 දින මිනුවන්ගොඩ පොලිස් වසමේ යටියන ප්‍රදේශයේ නිවසකට ටී පනස්හය ගිනි අවයකින් වෙඩි තබා බියගන්වා කප්පම් ඉල්ලීම හා කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ වෙළඳසල් හිමිකරුට වෙඩි තැබීමට පැමිණ ආපසු පලා යෑමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන වීරගුල පොලිස් වසමේ රඳවා තබාගෙන සිටින සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය වී ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් ඉදිරි විමර්ශන කටයුතු පවත්වන බව අප කළ විමසීමකදී උසස් නිලධාරියෙක් පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)