මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ ඊයේ සවස දෙකට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ අලුතෑපොල, තොටිල්ල ගහවත්ත ප්‍රදේශයේ පාළුවට ගිය ආයතනයක වතුර ටැංකියක තිබී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් තිහයි සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල අයිතිකරුවෙක් නොමැති බව බුද්ධි අංශ නිලධාරීන් පවසයි.

මෙම හෙරොයින් මෙම ප්‍රදේශයේ වතුර ටැංකියට කෙසේ ආවද යන්න සොයා විමර්ශන කටයුතු පවත්වන බව මිනුමන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම කෝටිකට අධික බවත් අත්අඩංගුවට ගත් හෙරොයින් අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් අප කළ විමසීමකදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතා පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here