ඊයේ රාත්රියේ 07.30 ට පමණ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ප්රජා පොලිස් අංශයේ නිලධාරී කීපදෙනෙකු කටුවැල්ලේගම ප්රදේශයේ දී රාත්රියේ 07.30 ට පමණ වෙළඳසැලක් ඉදිරිපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්රදේශයේ චාමර නැමැති අවුරුදු 30 ක පුද්ගලයෙක් බවයි පොලිසියෙන් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්රජා පොලිස් ස්ථානයේ නිලධාරීන් අමානුෂික ලෙස පහර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරු සහ ඥාතීන් පවසයි.
මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ මංකොල්ල කෑමක් පිළිබඳව පවසමින්.
නමුත් අත්අඩංගුවට ගත් පුද්ගලයා එම මංකොල්ලකෑමක් කර නොමැති බව පොලිසියේ ඉදිරිපිට පවසා ඇත.
මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්රදේශයේ ප්රජා පොලිස් ස්ථානයේ (ගම් මට්ටමින්) සේවය කරන අනුර නමැති පුද්ගලයාගේ කීමට පොලිසිය අත්අඩංගුවට ගත් බව ඥාතීන් පවසයි.
නිරපරාදේ අමානුෂික ලෙස පහර දුන් චාමර නමැති පුද්ගලයා මිනුවන්ගොඩ ප්රජා පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද උදෑසන ඇප ලබා දී ඇති බව වාර්තාවේ.
අප කළ විමසීමකදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සඳහන් කළේ මෙම පහර දීම පිළිබඳව ප්රජා පොලිස් ස්ථානයේ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් පවත්වන බවයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)