යුධ හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කල වැටලීමකදී කිළිනොච්චි ප්රදේශයේ සිට මාතර වෙත ගංජා ගෙනවිත් විකිණිම් සිදු කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සතුව කේරළ ගංජා කිලෝ 3ක් තිබී ඇති අතර මෙම මිලියනකට අධික වටිනාකමකින් යුත් මෙම ගංජා තොගය ඉතා සූක්ෂමව කිළිනොච්චියේ සිට මාතර දක්වා බස් රථයකින් ප්රවාහනය කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ගංජා තොගය සමඟින් අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්ටීටීඊ සාමාජියයෙක් ලෙස හදුනාගෙන ඇති අතර මොහු 2005 වර්ෂයේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව වසර කිහිපයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇත. අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු පිළිබද ඉදිරි විමර්ශන කටයුතු මාතර විශේෂ පොලිස් කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.