ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තබා ඇතැයි වාර්තා වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වනවිට එම හෝටලයට නඩු 3ක් පවරා ඇති බවත්, ඒවා ලබන ජනවාරි 02 වැනිදා කැඳවීමට නියමිත බවද පැවසේ.
කෙසේවුවද, මේ සුපිරි හෝටලයේ අහාර පිලියෙල කිරිම සඳහා භාවිතා කෙරෙන කුස්සිය ඉතාමත් අපිරිසිදු තත්වයක තිබී ඇති අතර, එහි අධිශිතකරණවල සහ ශිතකරන වල පිසිමට ගන්නා මස් මාලු ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරවය.
තවද එහි තිබු පානිය ජල බෝතල් පවා කල්ඉකුත්වු ඒවා බවද වාර්තා වෙනවා.