රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ සජබ මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් ඊයේ (09) දිනයේම නම් කරනු ලැබුවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා.
මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව ඔහුව නම් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන් අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බවයි කියන්නේ.
මුජිබර් රහුමන් මහතා කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ධුරය සඳහා තරග වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉවත් වුණා.
ඔහු පාර්ලිමේන්තුවට මුලින්ම පත් වූයේ 2017 වර්ෂයේ දී යි.