විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දනුක අමරසිංහ නොහොත් ‘මුතුවා’ යන පුද්ගලයාට අයත් අතුරුගිරිය, ගල්වරුෂාව පාරේ නිවසකට අද (27) අලුයම කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව නවගමුව පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාර 7ක් පමණ නිවසට එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුවි නැහැ.
වෙඩි තැබීමෙන් නිවසේ දොර ජනෙල්වලට හානි සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.
පසුගිය කාලයේ අතුරුගිරිය හා නවගමුව යන ප්‍රදේශවල සිදුවු අපරාධ රැසක් මුතුවා යන පුද්ගලයා විසින් මෙහෙයවූ බවටද තොරතුරු වාර්තාවි තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.