සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සඳහා පමණක් මෙරට නිෂ්පාදනය නොකරන බාස්මතී සහල් එම අවශ්‍ය ප්‍රමාණයට ආනයනයට අවස්ථාව ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට නඟන චෝදනාවලට අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය පෙබරවාරි මාසයේ දී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතු වූ අවස්ථාවේ පමණක් සහල් ආනයනය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here