මුලතිව්,මාතලන් මුහුදු සීමාවේ දිය නෑමට ගිය අවස්ථාවේ අතුරුදහන්වු පුද්ගලයාගේ මළ සිරුර ඊයේ(29) සවස වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බව මුලතිව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මුලතිව්,පුදුකුඩිඉරිප්පු,10 වන පටුමඟ ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි රාසදුරෙයි කස්තූරියන් නමැති පුද්ගලයෙකු මළ සිරුර එලෙස වෙරළට ගොඩගසා තිබු බවයි.
අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ දිය රළකට හසුව 28 වැනිදා සවස අතුරුදහන්ව සිටියහ.
අදාළ මුහුදු සීමාවේ දිය නෑමට නොයන ලෙසට ප්රදේශයේ ධීවරයින් පවසා ඇති අවස්ථාවක අදාළ පුද්ගලයා මුහුදේ දිය නෑමට ගොස් ඇති බව ප්රදේශවාසීන් පැවසීය.
මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් මරණ පරීක්ෂණ මුලතිව් මහේස්ත්රාත්වරයා විසින් ඊයේ(29) සවස සිදුකළ අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)