මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් තවදුරටත් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (19) රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමටද ඊයේ දිනයේ සිදුවූ බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here