පානදුර මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගහගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.
ගෝනපල , ඔලබොඩුව සහ කලවාන ප්‍රදේශයේ පදිංචි 19 සහ 25 වියැති තරුණියන් දෙදෙනෙකු සහ 23 සහ 17 වියැති තරුණයන් දෙදෙනෙකු ගේ ජීවිත මෙලෙස බේරාගත් බව පොලිසිය සදහන් කරයි.
බේරාගෙන ඇති අයවලුන් අතර 25 වියැති කාන්තාවක, ඇයගේ මල්ලී , මල්ලි ගේ පෙම්වතිය සහ මිතුරෙකුද වන බව පොලිසිය කීය.
සිව්දෙනා මුහුදේ දියනාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , වෙරලේ නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිළධාරීන් මුහුදට පැන රෙස්කියු ටියුබ් ආධාරයෙන් සිව්දෙනා ගොඩගෙන ප්‍රථමාධාර ලබාදී පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කරයි.
(සම්පත් කුලරත්න – කළුතර)