Politics
මුළු භූමියෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම ඉලක්කයයි

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Politics
රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹනවා

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද (06)පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමිනි.
බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය
රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සේවක ප්‍රජාව සිදුකළ මෙහෙය අගය කළ ජනාධිපතිවරයා දැනට රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වය මනාව කළමනාකරණය නොකර ඉදිරියට ගියහොත් ඉදිරි දශකයේදී නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වන බවද පෙන්වා දුන්නේය.
එම නිසා දැනට ස්ථාවරව ඇති ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් දක්වා ගෙන යාමට නව සැලසුම් අනුව කටයුතු කළ යුතු බවත්, එහිදී නවීන ආර්ථික ක්‍රමවේද භාවිතා කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ සේවක පිරිසකට තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර සියවස් සැමරුම වෙනුවෙන් රුපියල් 25ක සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදු කෙරිණි.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ගීතය හා ධජය එළිදැක්වීම සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා “ඊ තක්සේරු” ක්‍රමවේදය හඳුන්වාදීමද මෙහිදී සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පෘතුගීසි සමය දක්වා ඈතට දිව යනවා. බ්‍රිතාන්‍ය යුගයේදී මිනින්දෝරු සහ තක්සේරු ක්‍රියාවලිය ඉදිරියට ගෙනාවා. 1923 දී තක්සේරුකරු තනතුර ඇති කළා.
1972 හඳුන්වාදුන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වුණා. ඒ අනුව මේ වන විට තක්සේරු දෙපාර්තමෙන්තුව නව යුගයකට පත්ව තිබෙනවා. එහිදී ඩිජිටල්කරණය ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයේදී තක්සේරුව වෙනුවෙන් පිරිස් බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තක්සේරු කරුවන් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම වැඩි කළ යුතුයි.
ඒ වගේම ඉදිරියේදී වසර පහෙන් පහට දේපළ තක්සේරු කිරීම ද සිදු කළ යුතුයි. බදු එකතු කිරීමේ ක්‍රමවේදය සඳහා ද තක්සේරු කරණයේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. එම නිසා තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල් කිරීම මෙම වසරේ සිට ආරම්භ කිරීම මම ඉතා අගය කරනවා.
පසුගිය වසරේදී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එම අර්බුදයෙන් රට ගොඩගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූති කළ යුතුයි.
මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.
මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් නවතා දමා තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීම නවතා තිබෙනවා. මෙම කොන්දේසි නොමැතිව ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැහැ. රටට මූල්‍ය විනයක් අවශ්‍යයි. මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කළහොත් ඉදිරියේදී ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකියි.
ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙනවා. එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් අප නව සැලසුම් සම්පාදනය කර තිබෙනවා.
සංචාරක කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා . ලබන වසරේදී වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. එම සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50 දක්වා වැඩි කර ගතහොත් මෙරට ආර්ථික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.
ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ජනතාවට ලබා දෙන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම අරමුණ ඉටුකර ගැනීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම නිසා එම කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කර ගත හැකි වනු ඇතියි.
බලශක්ති ක්ෂේත්‍රය තුළද නව ප්‍රවේශයක් අවශ්‍යයි. එහිදී අප පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුළං බලයෙන් ගිගාවොට් 35 ක්ද, සූර්ය බලයෙන් ගිගාවොට් 200 ක් ද නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මෙරට පාරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 50කට අඩු ප්‍රමාණයක්. එම නිසා එම බලශක්ති ක්ෂේත්‍රය මඟින්ද විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. කෘතිම බුද්ධිය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් ආර්ථිකයට එය යොදා ගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. එමඟින් රට තුළ ඉතා කෙටිකාලයකදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.
Politics
රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමට අපේ රටේ ගොඩක් අය කැමති නෑ – මහින්දානන්ද

රාජ්‍ය ආයතන පරිගණකගත කිරිමට අපේ රටේ ගොඩක් අය අකමැති බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ නාවලපිටිය උලපනේ මුස්ලිම් විද්‍යාලයේ ආදි සිසුන් විසින් සම්පුර්ණයෙන්ම වායු සමිකරණය කර ඉදි කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ,
“පරිගණකගත කිරිමට අපේ රටේ ගොඩාක් අය කැමති නැ. අදායම් බදු දෙපාර්තුමේන්තුව පරිගණකගත කරන්න තිරණය කරනවා 2016 දි .අපේ අදායම්බදු දෙපාර්තුමේන්තුව පරිගණකගත කරන්න සිංගප්පුරුවේ සමාගමකට රු බිලියන 12 ක් වෙන් කරලා තියෙනවා.තවම ඒක විවෘත කරලා නැ . පරිගණකගත කලොත් සොරකම් නවතින නිසා , සොරකම නතර කරන්න තියෙන හොදම විදිහ තමයි පරිගණකගත කිරිම.අපේ 106 පමණ වයසැති සුරාබදු දෙපාර්තුමේන්තුවක් තියෙනවා. විශාල චෝදනා ප්‍රමාණයක් තියෙනවා ඒ අයට. ඒ අයට පරිගණකගත කරන්න කියනවා තවම ඒ ගැන හිතලවත් නැ.අපේ රට වැටිලා තියෙන්නේ ඒකයි . පොහොර සහනාදාර දෙනකොට වෙන අයගේ නම් දලා ගන්නවා . සමෘද්ධිය දෙනකොට වෙන අයගේ නම් දාලා ගන්නවා.පරිගණකගත කිරිම තුලින් දුෂණ වංචා නතර කර ගන්න පුළුවන් යනුවෙන් පැවසිය.”
(හැටන් රංජිත් රාජපක්ෂ)
Politics
Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි.
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News3 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News1 day ago
දැරියකට කරදර කලේයැයි සැකපිට හිමි නමක සහ දෙමව්පියන් අත්අඩංගුවට