Politics

මෙක්සිකෝ ජනාධිපති ධුරයට පළමු වරට යුදෙව් කාන්තාවක්

මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය.

ජනාධිපති ධුරය හිමිවූයේ, පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ය.

ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

මෙක්සිකෝ ජනාධිපතිවරණ පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පසුගිය දෙවැනි දා පැවැත්විණි. එහි ප්‍රතිඵල ඊයේ (3) නිකුත් කෙරුණි. මෙක්සිකෝවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ‘මොරේනා’ පක්ෂය සහ ‘පෑන්’ පක්ෂයයි. විපක්ෂය වන ‘පෑන්’ දේශපාලන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෝෂිට්ල් ගැල්වේස්ය. ක්ලෝඩියා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව තහවුරු වුණු සැණින්, ගැල්වේස්ය පරාජය බාර ගනිමින් ඇයට සුබ පැතුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version