ජනතාව අද මුහුණ දෙන ගැටලුවලින් මිඳීම සඳහා අසීරු අපහසු වුවත්, විවේචනයට ලක්වුවත් රජය විසින් ගන්නා ලද විවිධ තීන්දු තීරණ හමුවේ වසර දෙකක අඛණ්ඩ ආර්ථික සංකෝචනයකින් පසුව මෙම වසර අවසානයේ 2%ක ආර්ථික වර්ධනයක් කරා රට ගමන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසා සිටින්නේ විපක්ෂය විසින් දේශපාලන වාසි තකා විවිධ අවලාද චෝදනා එල්ල කළද අපේ රට 70%ක් උද්ධමනය පැවති බවත් කාර්තු 06ක් ආර්ථිකය සංකෝචනය වුවද පසුගිය වසරේ තෙවන කාර්තුවේදී 1.6%ක ආර්ථික වර්ධනයක් වූ බවයි. එමෙන්ම ගෝලීය වශයෙන් ආර්ථික අර්බුද පැවති සමයක වුවත් 2024 වසරේ රජය විසින් ගන්නා ලද තීන්දු හේතුවෙන් ආර්ථික වර්ධනයක් සිදුවන බවත් එවන් අසීරු මුදල් හා මූල්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ නොගත්තේ නම් අද මේ ලබා ඇති ආර්ථික වර්ධනය කරා යාමට අපහසු බවත් ඒ මහතා පවසා සිටී.