

Politics
මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොවන බවට සහතික වනවා
මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 2 වැනිදා “නාම් 200” (අපි 200) නමින් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වීමට නියමිතයි. ඉන්දියාවේ සිටද ආරධිතයින් පිරිසක් මේ සඳහා පැමිණීමට නියමිතයි.
මෙහිදී කඳුකර ජනතාව ජාතියට සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරෙනවා. ඒ වගේම කඳුකර ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම අරමුණු කරගනිමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක සක්‍රීයව නියැලී සිටිනවා.
පුළුල් පරාසයක පැතිර පවතින ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය තුළ වතුකරයට විශේෂිත වූ කමිටු හතක් ඇතුළත් ප්‍රඥප්තියක් ද හඳුන්වාදී තිබෙනවා. මෙම කමිටු ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහ ළමුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
අදාළ ප්‍රඥප්තිය මගින් සියලු අමාත්‍යාංශ සඳහා පුළුල් මාර්ගෝපදේශයක් සපයනවා. එමඟින් කඳුකර ප්‍රජාවගේ සුවිශේෂී ගැටළු විසඳීමට සහ ඔවුන් පසුවන වතුකරයේ හුදකලාව බිඳ දමමින් එම ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට නැවත ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට ද නියමිතයි.
ඒ වගේම මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වනවා. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ සිදු වූ ජල ගාස්තු සංශෝධනයෙන් පසුව මෙම වසර සඳහා තවදුරටත් ජලගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව සිදු කරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ වගේම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා ද තරයේ ප්‍රතික්ෂේප කරනවා. සැබැවින්ම මෙම ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ වන්නේ සමාජයේ අවදානමට ලක්විය හැකි, සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයි.
විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සූදානමක් නැහැ.
ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව වතු ප්‍රජාව සමඟ පමණක් නොව, සියලුම ග්‍රාමීය ප්‍රදේශවලට ද තම සේවාවන් ව්‍යාප්ත කරමින් 5000ක් පමණ වන ප්‍රජා මූලික සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බැවින් ඔවුන්ට ද මෙම මිල සූත්‍රයෙන් බලපෑමක් නැහැ.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Politics
ජනපති රනිල් ඩුබායි යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) උදෑසන 11ට පමණ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි