මේ වසරේ තුන්වැනි කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 1.6% කින් වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කරමින් මේ බව සදහන් කළේ ය.

ඒ අනුව 2022 වසරේ තුන්වැනි කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 2,900 ක් ලෙස දැක්විණ.

නමුත් 2023 වසරේ තුන්වන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 2,946ක් දක්වා වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවේ සඳහන් ය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පෙර වසරට සාපේක්ෂව 3% කින්, කාර්මික නිෂ්පාදන අංශය 0.3 % සහ සේවා අංශය 1.3 % කින් වර්ධනය වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here