Connect with us

Politics

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

දේශගුණයට ඔරොත්තු දෙන, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසාර ජල සැපයුම් පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල මෙහෙයුම්වල පාලනය, තිරසාර බව, කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව, සහ ධාරිතාව සඳහා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම යන කරුණු මූලික කර ගනිමින් අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස්. සමරතුංග, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස් සමරදිවාකර යන මහත්වරු ඇතුළු නිලධාරීන්ද, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ටකෆුම් කඩොනෝ (Takafumi Kadono) මහතා ඇතුළු එහි නියෝජිතයන් මීට එක්ව සිටියහ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

කොළඹ විශ්වවිද්‍යාලයේ AI මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දිනය වෙනුවෙන් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසු‍න්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

එසේම ජන්ම දින සැමරම් උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දුන් අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

“උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය” මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මම ස්ටැන්ලි විජේසුන්දර මහතා හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිටයි. එතුමා විවාහ වුණේ අනෝජා විජේවර්ධන මැතිණිය සමගයි. වෝල්ටර් විජේවර්ධන මැතිතුමාගේ පවුලත් අපේ පවුලත් අතර ඉතා සමීප සබඳතාවයක් තිබුණා.

එසේම 1968 මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මම නීති අංශයේ අධ්‍යාපනය ලැබූ අතර එතුමා විද්‍යා අංශයේ කටයුතු කළා.

ඉන් පසුව එතුමා විටින් විට මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් 1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ බිහි වූ ආණ්ඩුවේ ස්ටැන්ලි විජේසුන්දර මහතා, ස්ටැන්ලි කල්පගේ මහතා සමඟ සමීපව කටයුතු කළා. නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළා.

මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට තීරණය කෙරුණා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේරත්න අමාත්‍යවරයාත් ඊට එකඟ වුණා. එතැන් සිට කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර මහතා විශාල වැඩකොටසක් සිදු කළා.

මටත් අවශ්‍ය වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල දියුණුවක් දකින්නයි. කෙසේ හෝ එම කටයුතු ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා ඉදිරියට ගෙන ආවා. විශේෂයෙන් එහි විද්‍යා අංශයේ දියුණුවට ආචාර්ය සමරනායක මහත්මයා සමග එතුමා විශාල වැඩකොටසක් සිදුකළා වගේම පරිගණක මධ්‍යස්ථානය ද ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම විද්‍යා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ එතුමා දැඩි ලැදියාවක් දැක්වුවා.

උපාලි විජේසුන්දර මහත්මයාගේ මරණයෙන් පසු කැළණිය රජමහා විහාරයේ නිළමේවරයා ලෙස ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා පත්වුණා. මම එහි දායක සභාවේ සාමාජිකයෙක් ලෙස එතුමා සමග වැඩ කටයුතු කළා.
ස්ටැන්ලි විජේසුන්දර මහතා පමණක් නොවෙයි දැනුම තිබෙන සහ අධ්‍යාපනට මහත් සේවයක් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකුම මෙම සමයේදී ඝාතනයට ලක් වුණා. ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කළා වගේම මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශාල සේවයක් කළ බටුවත්තවිතාන මහතා ද ඝාතනය කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් ඝාතනය කරනු ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වමේ සංවිධානවල කටයුතු කළ දයා පතිරණ ශිෂ්‍යයා රැගෙන ගොස් ඝාතනය කිරීමත් සමඟ මෙම පසුබිම නිර්මාණය වුණා. මෙම සමයේදි ශිෂ්‍යයන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. පොලිසියෙන් නෙවෙයි මේවා කළේ. පොලිසියෙන් කරන්නේ පෙළපාලි ගිහින් නීති කැඩු විට අද මෙන් ඊට අදාළ පියවර ගැනිම පමණයි. ඒ මිස වෙන දෙයක් කළේ නැහැ. මෙම ඝාතන කළේ පොලිසියෙන් නොවන බව අප මතක තබා ගත යුතුයි.

ආචාර්යවරු ගණනාවක් ඝාතනය කළා. ඒ වගේම කොළොන්නාවේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ ශිෂ්‍යයා ඝාතනය කළ සමයේ එහි උපකුලපති ලෙස කටයුතු කළේ ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා.

පොලිසියට අවශ්‍ය වුණා එහි ශිෂ්‍යයන් අරගෙන ගොස් ප්‍රශ්න කරන්න. නමුත් එතුමා ඊට ඉඩ දුන්නේ නැහැ. එතුමා මටත් කථා කළා. මම කිව්වා මේක ශිෂ්‍ය වැඩකටයුත්තක්, ඒකට අත ගහන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.
ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොද දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වුණා. එතුමාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් තමයි අද අප මෙතැනට රැස්වී සිටින්නේ. එතුමාගේ ගුණ සැමරීම වෙනුවෙන් මීට පෙර උත්සව ගණනාවක් පැවතුණා. නමුත් අද එය වෙනස් අන්දමින් සමරනු ලබනවා. අද කොළඹ විශ්වවිද්‍යාලයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මාධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවා.

අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රීම බුද්ධිය සමඟයි. දැනට මාස කිහිපයකට පෙර කෘත්‍රීම බුද්ධිය ඉදිරිපත් කළ ප්‍රධාන සමාගමේ අධ්‍යක්ෂවරු අතර විශාල අර්බුදයක් ඇති වුණා. මොකද සීමාවක් නැතිව මෙය භාවිත කරයිද කියන ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ මීට මාස දෙකකට පමණ පෙර එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රටවල නායකයන් සියලු දෙනා කැඳවා එකඟතාවකට එළැඹුනා මෙය පාලනය කළ යුතුයි කියා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඒ සඳහා පළමු නීතිය ඉදිරිපත් කරනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවක් පළවී තිබෙනවා මම දුටුවා. නමුත් මෙයින් අපට ඈත් වෙන්න බැහැ. මෙම තාක්ෂණය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. මම ඒ පිළිබඳ එම ක්ෂේත්‍රයේ පිරිසක් සමග සාකච්ඡා කළා. ඒ වගේම අනෙක් පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. මේ අනුව ලංකාවේ පළමු වතාවට AI තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.

එපමණක් නොවෙයි තවත් රුපියල් බිලියන 08ක් වෙන් කර තිබෙනවා විද්‍යා සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට. කිසි දිනක මෙලෙස මුදල් වෙන් කර තිබුණේ නැහැ. අප ඉදිරියට යනවා නම් විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව විශාල ආයෝජන දෙකක් දැනට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

සූර්ය බලය, තාප විදුලි බලය සහ සුළං බලය යන පුනර්ජනනිය බලශක්තිය සමග අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් එකම ප්‍රශ්නය වී තිබෙන්නේ තවමත් බොහෝ අය පුරුදුව සිටින්නේ ගල් අගුරු ගෙන ඒමට සහ තාප විදුලි බලාගාර ඇති කිරීමට. මෙය නතර කිරීම තමයි විශාලම ගැටලුව වී තිබෙන්නේ. මොකද ඒකට හේතුව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ. නමුත් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඊට බාධා ඇතිවිය හැකියි. නමුත් අප ඉදිරියට යා යුතුයි.

හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දකුණු ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ බැංග්ලෝ වල විශාල ඩිජිටල් ආර්ථිකයක් තිබෙනවා. අපේ රටටත් එය ගෙන ආ යුතු නිසා නව ආයතන කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව මෙම විද්‍යා හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති බිලියන 08ක මුදල වියදම් කිරීම සඳහා Technology and Innovation Council නමින් ආයතනයක් ඇති කරනවා. තාක්ෂණයෙන් වාණිජ්‍ය ප්‍රයෝජන ලබාගැනීම එයින් සිදු කෙරෙනවා. මෙම වෙන් කර ඇති රුපියල් බිලියන 08 එක් එක් අංශවල දියුණුවට යෙදවීම එම ආයතනයට පැවරෙනවා.

ඒ සමග ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එහි කොටසක් ලෙස AI කේන්ද්‍රය ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු නව විද්‍යාත්මක ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති වෙනවා.


Continue Reading

Politics

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට තරග කරනවා – පලනි දිගම්බරම්

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (10) දින හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

මාධ්‍යට අදහස් දක්වමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ,

ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා,

රාජ්‍ය සේවකයින්ට රු දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉදලා සියළු දේම මිල වැඩි ,

ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොම්බර් මස මැතිවරණයක් තියෙනවා කියලා , ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා,

ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා,

පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කලා කියලා ඔහුට ජයගග්‍රහණය කරන්න බැ , පොහොට්ටුවනේ රට මේ වගේ ආර්ථික වශයෙන් වැට්ටුවේ, ඒ අයටත් විශාල ජන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැ ,

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරනවා , ඔහු ජයග්‍රහණය කරනවා ,

මේ පාර ජන්දය පක්ෂ ගණනාවකට කැඩිලා යනවා , ගියා පාර වගේ ජාති වාදය අවුස්සලා තනි පක්ෂයකට ජන්දය ලබා ගන්න බැ ,  සිංහල ජන්ද පක්ෂ තුනකට කැඩිලා යනවා , එතකොට සුළු පක්ෂ වල ජන්දයෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ , සුළු පක්ෂ සියල්ල ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග,

වතු කම්කරුවන්ට 1700/= දෛනික වැටුපක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා වතු සමාගම් වලට කිව්වා කියලා වතුකරයේ ඇතැම් දේශපාලඥයින් කියනවා , වතු සමාගම්වලට එහෙම දෙයක් ජනාධිපතිවරයා කිව්වේ නැ කියලා ඔවුන් කියනවා,

මම කියන්නේ වතුකරයේ ජනතාව ගොඩක් දුක් විදින පිරිසක් , ඒ නිසා මේ වතු වතු කම්කරුවන්ට බෙදා දෙන්න ඕනි, එතකොට තමයි ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් යනුවෙන් පැවසිය.

( හැටන් රංජිත් රාජපක්ෂ)                      

Continue Reading

Politics

උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රැසක් – අධ්‍යාපන ඇමති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්විය. මෙහිදී උපාධි අපේක්ෂකයින් 97දෙනෙකුට උපාධිය පිරිණමන ලදී. දර්ශන ශූරී උපාධිධාරීන් 10ක්, ශාස්ත්‍රපති උපාධිධාරීන් 48ක් සහ ප්‍රථම උපාධිධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අතර විදේශීය සිසුන් 06දෙනෙක් ද වූහ.

මෙවර අයවැයෙන් සියලු පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා රුපියල් මිලියන අට දහසක් වෙන්ව ඇති බවද විවිධ හේතූන් මත වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වූ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ ක්‍රියාවලින් රැසක් අදියරෙන් අදියර ක්‍රියාවට නැංවීමට තමා සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අධ්‍යාපන අමාත්‍යංශයත් රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලමත් එක්ව ජාත්‍යන්තරව පිළිගත් ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින විශ්ව විද්‍යාල සමග ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් පසුගියදා මෙරට විද්‍යාර්ථීන් වෙනුවෙන් මෙතෙක් පිරිනැමූ ආචාර්ය උපාධි සංඛ්‍යාව හතළිහක් දක්වා ඉහල නැංවීමටද පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලින් 2028 වර්ෂයේදී නිකුත් වීමට නියමිතව සිටින 2024 වර්ෂයේ බඳවාගන්නා ශික්‍ෂණ ලාභීන් අධ්‍යාපනවේදී උපාධිධාරින් ලෙස අධ්‍යාපන පද්ධතියට මුදා හැරෙන බවත් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. දරුවන් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන කාලය වසරකින් අඩුකිරීමටත් එමගින් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගැනීමට අඩු වයස් කාලයක් තුළ ඉඩ ප්‍රස්තා ලබාදිය හැකි බවත් දියුණු රටවල දරුවන් උපාධිලාභීන් ලෙස සරසවි වලින් නිකුත් වන විට අපේ දරුවන් උසස් පෙළ පළමු වසරෙහි සිටින තත්ත්වයක් දැනට පවතින බවත් එම වෙනස ඉවත් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එමෙන්ම දරුවන්ගේ විභාගවල බර අඩු කිරීමට පියවර ගන්නා බවත් පෙර පාසල් මට්ටමේ සිට මෙරට අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂ වෙනස්කම් රැසක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහාත් වෘත්තීය අධ්‍යාපන ආයතන නියාමනය සඳහාත් වෙන් වෙන් වශයෙන් කොමිසන් සභා පත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඒවායේ ගුණාත්මක භාවය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලබන බවත් මීට අදාළ පනත් මේ වන විටත් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ගුණාත්මක සංවර්ධන මට්ටමකට පත් කිරීම තම අපේක්ෂාව බවද වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉතා කෙටිකලක් තුළ ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය ගොඩනංවා වර්තමානයේ ඉතා කීර්තිමත් අධ්‍යන ආයතනයක් බවට පත්කිරීම පිළිබඳවද අමාත්‍යවරයා සිය ප්‍රශංසාව මෙහිදී පුද කර සිටියේය.

Continue Reading
Advertisement
Hot News8 hours ago

සාමාන්‍ය රියැදුරු බලපත්‍රය ආබාධිතයින්ටත්

Hot News9 hours ago

කොළඹ විශ්වවිද්‍යාලයේ AI මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Hot News9 hours ago

දඹදිව ගිය ස්වාමීන් වහන්සේලාට නව දිල්ලි ගුවන් තොටුපළපලේ දී අකරතැබ්බයක්

Hot News10 hours ago

Watch : BMICH එක ඉදිරිපිට තිබූ විශාල තොරණක් කඩා වැටෙයි

Politics10 hours ago

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට තරග කරනවා – පලනි දිගම්බරම්

Hot News15 hours ago

නිවාඩුවට ඇවිත් නිදන් හැරූ හමුදා සෙබළා ඇතුළු 6ක් අත්අඩංගුවට

Politics15 hours ago

උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රැසක් – අධ්‍යාපන ඇමති

Hot News15 hours ago

බිත්තර මිල යළිත් ඉහළට

Hot News15 hours ago

ස්ථාවර දුරකථනවලින් යවන SMS පණිවිඩත් VAT බද්ද යටතට

Hot News16 hours ago

Watch : මිහින්තලේ පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවතට

Politics16 hours ago

Watch : මිහින්තලේ හාමුදුරුවන්ට එපා නම් අපි හමුදාව ඉවත් කරගන්නවා

Hot News17 hours ago

Watch : මිහින්තලේ හිමියන්ගේ ජීවිතයට අනතුරක් වුණොත් රජයේ සෘජුවම වග කිව යුතුයි

Hot News17 hours ago

පාර්ලිමේන්තුව කල් තැබේ

Hot News17 hours ago

Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්

Hot News18 hours ago

හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යලි යථා තත්ත්වයට

Hot News18 hours ago

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

Hot News18 hours ago

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට යළි විවෘත වෙයි

Hot News18 hours ago

විදුලිය බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

Hot News20 hours ago

වස්කෝ ද ගාමා කොළඹට එයි

Hot News20 hours ago

සුරාසැල් විවෘතව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ අරමුණ ගැන පැහැදිලි කිරීමක්

Hot News20 hours ago

අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක්

Hot News21 hours ago

හදිසි විදුලි බිඳ වැටීම ගැන ලංවිමෙන් විශේෂ නිවේදනයක්

Weather21 hours ago

අද හවසත් ප්‍රදේශ රැසකට හොඳටම වැසි

Hot News1 day ago

විදුලි පද්ධතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා – CEB

Hot News2 days ago

15 හැවිරිදි දැරියකගේ සිරුරක් ගඟකින් හමුවෙයි

Politics2 days ago

අරගල කරලා ජනතා නායකයාව පැන්නූ ජනතාව දැන් බදු ගෙවිය යුතුයි – දිළුම් අමුණුගම

Hot News2 days ago

මැතිසබේ අනංගයන් සොයන වැඩේ පොලිස්පතිට බාර දෙයි

Politics2 days ago

2030දී ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මා සතුයි – ජනපති

Hot News2 days ago

සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වෙයි

Hot News2 days ago

මහව – අනුරාධපුර අතර දුම්රිය මාස 6කට නවතී

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News4 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports4 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local2 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local2 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World1 month ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Sports2 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World2 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World2 weeks ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News5 days ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News3 days ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Sports1 month ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News1 month ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather2 months ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World4 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 weeks ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News3 weeks ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World3 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News3 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 months ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News1 month ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Sports1 week ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Hot News10 hours ago

Watch : BMICH එක ඉදිරිපිට තිබූ විශාල තොරණක් කඩා වැටෙයි

Hot News16 hours ago

Watch : මිහින්තලේ පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවතට

Politics16 hours ago

Watch : මිහින්තලේ හාමුදුරුවන්ට එපා නම් අපි හමුදාව ඉවත් කරගන්නවා

Hot News17 hours ago

Watch : මිහින්තලේ හිමියන්ගේ ජීවිතයට අනතුරක් වුණොත් රජයේ සෘජුවම වග කිව යුතුයි

Hot News17 hours ago

Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්

Hot News2 days ago

Watch : මිහින්තලේ හිමි වෙනුවෙන් සජිත් පෙනී සිටියි

Hot News2 days ago

Watch : විදුලි ගාස්තු සංශෝධනය ජනවාරියේ

Hot News2 days ago

Watch : මිහින්තලේ හිමියන්ගේ දිවි තොර කිරීමේ සැලැස්මක්

Hot News2 days ago

Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

Hot News3 days ago

Watch : යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටෙයි 4ක් රෝහලේ එක් අයෙකුට බරපතලයි

Hot News3 days ago

Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න

World4 days ago

Watch : උමං තුල සිටි හමාස් හමුදා නායකයන් රැසක් අවසන් ගමන් යවමින් ඊශ්‍රායල් හමුදාව පෙරට යයි

Hot News4 days ago

Watch : දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල නෙළුම් කුළුණේ දී විවෘත වෙයි

Uncategorized4 days ago

Watch : කාන්තාවකගේ අත් බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මංකොල්ලකා පලායයි

Hot News4 days ago

Watch : රටම ආදර්ශයක් දුන් වැල්ලවාය කොටවෙහෙරගල ගම්මානයේ මිනිස්සු

Politics4 days ago

Watch : මගේ අම්මයි තාත්තයි හොඳ සල්ලිකාරයෝ

Hot News5 days ago

Watch : බස් රථයක් ඇළකට පෙරළෙයි

Hot News5 days ago

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Politics5 days ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News5 days ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News5 days ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Politics5 days ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News6 days ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Politics7 days ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News7 days ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

World1 week ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News1 week ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News1 week ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News1 week ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics1 week ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Advertisement

Categories

Trending