Hot News
මෙරට තේ වගාව විනාශ කිරීමේ ජාවාරමක් එළියට

මෙරට කුඩා තේ වතු වගාව මුළුමනින්ම විනාශවීමේ අවදානමක් සහිත කූට ජාවාරමක් පිළිබඳව මධ්‍යම පළාත් තේ ගොවීන් සුරැකීමේ සංවිධානය හෙළිදරව් කරයි.
මේ සූක්ෂ්ම ජාවාරම පිළිබඳව හෙළිදරව් කරන මධ්‍යම පළාත් තේ ගොවීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරන්නේ බලංගොඩ බල පෙදෙසේ තේ තවාන් වල තේ පැල වලට වටපණු රෝගය වැළඳීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව තේ පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ මගින් තහවුරු කොට ඇති බැවින් බලංගොඩ ප්‍රදේශයේ තේ පැල තවාන් වල තේ පැල බලංගොඩ ප්‍රදේශයෙන් පිට පළාත්වලට බෙදාහැරීම නීත්‍යානුකූල නොවන කටයුත්තක් වසයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය තීරණය කොට ඇති බවය.
එමෙන්ම යටිනුවර ප්‍රදේශයේ දේශගුණය හා පාංශු තත්ත්ව ගුණාත්මකභාවය සලකා යටිනුවර තේ පැල ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටුවීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිර්දේශ කොට තිබේ.
කරුණු එසේ වුවද යටිනුවර ප්‍රදේශයේ පදිංචි ප්‍රබල ව්‍යාපාරිකයෙක් තේ වගාවේ විනාශය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ආර්ථික වාසිය පමණක්ම සැලකිල්ලට ගෙන බලංගොඩ ප්‍රදේශයෙන් අඩු ගුණාත්මකභාවයෙන් යුත් තේ පැල රුපියල් 20 ක් වැනි මුදලකට මිලදී ගෙන එම පැළ යටිනුවර ප්‍රදේශයේ තේ පැල බව පවසමින් රුපියල් 50 ක් වැනි ඉහල මිලකට මේ වන විට අලෙවි කරමින් සිටින බවද මධ්‍යම පළාතේ ගොවින් සුරැකීමේ සංවිධානය පවසයි.
මෙම කූට ජාවාරම සිදු කරන ව්යාපාරිකයා විසින් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට යටිනුවර ප්‍රදේශයේ තේ පැල ලක්ෂ 05 ක් ලබාදීම සඳහා ඇනවුමක් ලබාගෙන ඇති බවත් එම ඇනවුම් කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් යටිනුවර ප්‍රදේශයේ තේ පැල වෙනුවට බලංගොඩ ප්‍රදේශයේ ගුණාත්මකභාවයෙන් අඩු තේ පැල විශාල ප්‍රමාණයක් මේ වන විටද ගාල්ල ප්‍රදේශයට යවා ඇති බවද තවත් තේ පැල ලක්ෂ ගණනාවක් යැවීම සඳහා සූදානම් කොට ඇති බවද මධ්‍යම පළාත් තේ ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න පවසයි.
මේ හේතුවෙන් වටපණු රෝගය පැතිරගොස් දකුණු පළාතේ කුඩා තේ වතු සම්පූර්ණ විනාශවීමේ අවදානමක් අනිවාර්යයෙන්ම උද්ගතවන බව හෙතෙම කියයි.
මෙම කූට ජාවාරම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති විරාජ් ද මෙල්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවකටම ලිඛිතව පැමිණිලි කොට ඇති බව හෙතෙම වැඩි දුරටත් පවසයි.
මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකොට අදාල පුද්ගලයන් හට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මධ්‍යම පළාතේ ගොවින් සුරැකීමේ සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
(කේ.එල්. සුරවීර මහනුවර )
Hot News
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි

මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට ඇති වූ ආරවුලක් මත බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන්.
මීට පෙර ද සැමියාගේ විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙන බව සඳහන්.
ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිඳගෙන් සිය දියණියගේ ඡායාරූප ඉල්ලා බිරිඳ සමඟ බහින් බස් වී ඇති අතර, එය දුර දිග ගොස් බිරිඳට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඝාතනය කර තිබෙන බවයි අනාවරණය වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අද (04) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Hot News
Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන පාපැදිකරුවෙකු සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම පාපැදිකරු හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, මලියදේවපුර පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකි.
සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)
Hot News
Watch : තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports3 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්