මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු ඊයේ(16) සවස නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ මන්නාරම, පේසාලෙයි මුහුදු සීමාවේ ට්‍රෝලර් යාත්‍රා දෙකකින් පැමිණි අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් තලෙයිමන්නාරම ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවද ධීවර පරීක්ෂක කාර්යාලය සඳහන් කළහ.
අත්අඩංගුවට පත් ධීවරයින් අද(17) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව – මාධව කුලසූරිය)